නිවස > internet > නිකම් ඉඳලා PR 4 ක් ලැබීම

නිකම් ඉඳලා PR 4 ක් ලැබීම

ගූගල් Page Rank යාවත්කාලීන කරපු බව පහන් ගෙන් දැනගන්න ලැබුනා, ට්විටරය හරහා. ඉන්දරෙත් PR 4 ක් ලැබුනු බව ට්වීට් කරලා තිබ්බා. මමත් ඉතින් නිකමට වගේ බ්ලොග් එක පැත්තේ ගියා. මාසයක් විතර ඉඳන් පැත්ත පළාතේ වත් ගිහින් තිබුනේ නෑ. බලද්දි මට 4ක් ලැබිලා. මේක නම් වෙන්න ම බැරි දෙයක් 8-O . මොකද මම මාස ගාණකින් අලුත් දෙයක් ලියල තිබ්බේ නෑ trend වෙන මාතෘකාවක් තියා හායි බායි කියලවත්. බලාගෙන යනකොට මම ලියපු ලිපි වලට පවා ලැබිලා 3ක් 2ක් වශයෙන් 8-) . ඉතින් මම අපේ අනික් සහෝදර බ්ලොග් කරුවන් ගේ අඩවි වලටත් ගිහින් බැලුවා. ඒවගේ පවා හොඳටම ප්‍රතිචාර තිබුනු ලිපි වලට වත් මෙතරම් PR ලැබී තිබුනේ නෑ. වෙන එකක් තියා සින්ඩියෙත් PR එක 4යි.

මට හිතෙන්නේ මම ලියපු ලිපිවල වෙන ප්‍රමානය වැඩි නිසා මෙහෙම වෙන්න ඇති. ඊට අමතරව මම බ්ලොග් ලියපු මුල් කාලේ කලා ඒකත් බලපෑව වෙන්න ඇති. මොනවා වුනත් Google Page Rank එකේ ලොකු අවුලක් තියනවා වගේ :D .

මොනවා වුනත් මේකෙන් එක හොඳක් වුනා, ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න පොඩි කික් එකක් ආවා :D . මම හෙට ඉඳලම වැඩේට බහින්නයි හිතන් ඉන්නේ. එහෙනම් අලුත් ලිපියකින් අපි හමුවෙමු.  :)

( තව දෙයක් කියන ඕනේ වැඩි කරගන්නේ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා. මම ඒක නම් දන්නේ නැතෝ. :lol: )

Categories: internet ටැග:, ,
  1. සමන්ත
    2009 නොවැම්බර් 1 දින ප.ව. 9:48 ට | #1

    ඔයා wordpress.com වල ලියන නිසා ඔහොම ලැබිලා තියෙන්නෙ. . wordpress.com වලින් හැම බ්ලොග් එකටම ලින්ක් එක ලැබෙනවා. මේ ලින්ක් එක සෑහෙන්න වටිනවා PR 9ක් wordpress ට තියෙන නිසා. සබ්ඩොමේනයක් වීමත් සමහර විට හේතුවක් වෙන්නැති.

  2. 2009 නොවැම්බර් 2 දින පෙ.ව. 1:29 ට | #2

    අලුත් ඩොමේන් එකට මාරු වෙච්ච නිසා 0 වෙලා තිබුණු PR එක මගෙත් දැන් 3ක් වෙලා. හැබැයි අළුත් ඩොමේන් එකට එන්න කලිනුත් තිබුණෙ 3 තමා. :(

  3. 2009 නොවැම්බර් 2 දින පෙ.ව. 10:28 ට | #3

    liyanna liyanna api balagena innam monada aluten liyanne kiyala . . ! !

  1. No trackbacks yet.