facebook + gmail වල කොස්සක්…
ලිපිය සංස්කරණය කරන අතරතුරදී facebook වල තවත් වැදගත් privacy අවුලක් දුටු නිසා එය මුලින් ඇතුල් කරමි.
ඊයේ ඔත්තුසේවා නිලධාරියට වුනු වැඩේ දැකල අවශ්‍ය කට්ටිය privacy settings හදන්න ඇති කියල හිතෙනවා. එහෙම කරද්දි ඔයාලා Privacy –> Applications වලට ගියාද? පහත photo එකේ තියන දේ බලන්න, ඒකේ හැටියට අපේ යාලුවෙක් application එකකට ඔවුන්ගේ තොරතුරු බලන්න අවසර දුන්නම ඒ application ට පුලුවන් අපි ගැන ඔවුන්ට බලන්න පුලුවන් තොරතුරු වලට access කරන්න. මෙම settings අදාල වන්නේ අපි පාවිච්චි නොකරන applications සඳහාය.( ඒ කියන්නේ තත්වේ හිතුවට වඩා දරුණු බවද?? )
දැන් මේ photo එක බලන්න මුලින් පෙන්නපු පිටුවෙ Learn more click කරාම තමා මේ pop-up එක එන්නේ. ඔකේ විධියට application එකකට පුලුවන් අපේ තොරතුරු අනවශ්‍ය කෙනෙකුටත් පෙන්වන්න privacy policies වලට විරුද්ධ වුනත්.
ඒ නිසා application වලට සංවේදී තොරතුරු වලට access කරන්න බැරි වෙන ලෙස සකස් කරන්න. Photo share කරන application දා ගන්න එපා.
මේ තමා වල අනිත් කොස්ස SpeedDate. අපි බල්ලො පූසො කුකුල්ලු යවන්න දාගන්න application ටික කාලෙකින් මේ SpeedDate බවට පරිනාමය වෙනවා. ඊට පස්සේ කෙලකෝටිය notifications එවනවා කෙල්ලන්ගේ. Net එකේ date කරන එක ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ඒ ඔනේ නැති date ඔනේ නෑ නේ. තව වෙන මොනව වෙනවද දන්නේ නෑනේ ඒ නිසා මේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.
මුල් ලිපිය
මේ වැඩේ මට සිද්ධ වුනේ වැරදියට email address එක type කරලා site එකක register වෙද්දි. මගේ තවත් email account එකක් තියනවා. ඔකෙ තියෙන්නේ akila516@gmail.com කියල. ඒත් මම වැරදිලා akila.516@gmail.com කියලා type කරලා. මම හිතුවා mail එක යන එකක් නැ කියලා. මෙන්න බොලේ ටික වෙලාවකින් phone එකට MMS එකක් ආවා. බලනකොට අර mail එක. දැන් මටත් ඉවසිල්ලක් නැ වුනේ මොකක් ද කියලා බලන්න. බලද්දි තමා දැක්කේ වැරදිලා register කරපු email address එකෙනුත් මට email එනවා කියලා ඒ විතරක්යැ ඒ log in එකෙන් gmail එකට log වෙන්නත් පුලුවන් නේ.
මේ එක photo බලන්නකෝ වැරදිලා කරලා මට ආපු එකේ screen-shot එකක් ඒක. ඒකේ පැහැදිලිවම පේනවා ඇති වෙනස් mail address දෙකක්.
දැන් මේක බලන්න ඔය මම වැරදි log-in එකෙන් gmail වලට log වෙද්දි ගත්ත screen capture එකක්.
ඇත්තටම මේක gmail වල තිබුණු bug එකක්. දැන් විසදලා තියෙන්නේ. මොකද දැන් අපිට අපේ log in එකට ” . ” එකතු කරලා හදාගන්න log in එකකින් gmail වල register වෙන්න බෑ. මේ video එක බලන්න.
නමුත් ඉස්සර පුලුවන්. ඒ වුනත් mail යන්නේ මට වුනා වගේ වැරදි account එකට. උදාහරණයක් විධියට akila.516 එකේ mail යන්නේ akila516 account එකට. ඒකට පිලියමක් විධියට තමා gmail වල ඔය මම මුලින් කිව්ව වැඩේ කරලා තියෙන්නේ. ඒ ගැන විස්තර මෙතන ඇති. ඔකේ විධියට නම් ඉස්සර කියන ආකාර දෙකේ account gmail වලින් suggest කරලත් තියනවා. කොහොමද වැඩේ.
නමුත් ඇත්තම කොස්ස ඔතන නෙමේ. කොහොමත් ” . ” ඇතුව හරි නැතුව හරි හරි කෙනාට mail යනව නම් ප්‍රශ්නයක් නෑනේ.
මෙන්න මේ එක video බලන්නකෝ
ඔකේ හැටියට facebook එකේ ඔය address දෙකෙන්ම account හදන්න පුලුවන් ( මොනවා වුනත් mail යන්නේ එකම address එකට.) ප්‍රශ්නේ ඔතන නෙමේ fake accounts හදන අයට ඔක පාවිච්චි කරන්න පුලුවන්. මොකද facebook වල අපිට account එකක් අඳුරගන්න තිබුනු එකම unique දේ mail address හා ID( කාටවත් මතක තියාගන්න නම් බෑ ) එකනේ ( user-name දෙනකම්) ඒත් ඕක නිසා ඒකත් නැති වෙනවා. ” . ” එක සාමාන්‍යයෙන් අපි වැඩියෙන් ගණන් ගන්නේ නෑනේ. ඉතින් fake account එකක් ද කියලා හරියටම අඳුරගන්න ටිකක් අමාරුයි. ඉතින් අදාල කෙනා වැඩිය internet යන්නේ නැති කෙනෙක් නම් සති ගානක් වුනත් fake account එක තියෙන්න පුලුවන්.
ඒත් දැන් facebook වල user-name පහසුකම දෙන නිසා මේක තවදුරටත් අදාල නෑ. ඒ නිසා user-name එක හදාගෙන නැත්නම් දැන්ම හදාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න.
ඒත් අනික් social network වල තත්වෙ මම දන්නෙ නෑ එවා ගැන බැලුවොත් මෙතන comment එකක් දාන්න.










“අපි බල්ලො පූසො කුකුල්ලු යවන්න දාගන්න application ටික කාලෙකින් මේ SpeedDate බවට පරිනාමය වෙනවා”
ඒක මාර වැඩක්නේ..මටත් ඔය වැඩේ උනා..හේතුව හිතාගන්න බැරිව හිටියේ..බොහොම ස්තුතියි මේ ගැන කිව්වට. Application ඔක්කොම ටික බ්ලොක් කරන එක තමා ඊලගට කරන වැඩේ
උඩින්ම තියෙන ෆේස්බුක් එකේ ස්ක්‍රින්ෂොට් එකේ මෙහෙමත් තියෙනවා.
Please note that this is only for applications you do not use yourself:
ඒ කියන්නේ අපි පාවිච්චි නොකරන ඇප්ස් සඳහා පමණයි මේ සැකසුම්. මමත් පාවිච්චි කරන ඇප් එකක් පාවිච්චි කරන ඕනෙ කෙනෙකුට ඒ හරහා මගේ විස්තර ගන්න පුලුවන් කියන එකද මේ?
මළ කෙලියයි ඔව් නේන්නම්. වහාම ඔකේ settings හදමු
මෑද්දට පනිනවා නෙමේ, එත් මේක කියන්න හිතුනා.
යාලුවෙක් පාවිච්චි කරන, ඒත් අපි පාවිච්චි නොකරන app එකකට rights දෙන්න නේද ඔය dialog එක.
ඔයා පාවිච්චි කරන app එකම පාවිච්චි කරන තව කෙනෙක්ට ඔයාගෙ විස්තර බලන්න technically බෑ. app එක ඔයාගෙ යාලුවෙක් කියලා හිතන්නකො. appඑක useකරන කට්ටිය එයාගෙ යාලුවො විදියට හිතන්නකො. app එකේ authorට පුලුවන් ඔයාගෙ විස්තර වලට access කරන්න.
gmail කතාව මරු. මගෙ ඔකෙ අනිත් පෑත්ත. මගෙ user name එකේ full stop එකක් තියනවා. ඒක නෑතුව ගහල same password ගහලත් යන්න පුලුවන්. ඈත්තටම අගේ කලයුතු සොයාගෑනීමක්.
අනේ එහෙම නෑ!!
ඔව් ඒ කතාව ඇත්ත මම ලිව්වෙත් එහෙම හිතේ තියාගන පේන හැටියට ඒක හරියට ගිහින් නෑ වගේ මම post එක edit කරන්නම්.
අහ් ස්තුතියි මම හිතුවෙ වැඩේ ටිකක් මෝඩද කියල
ඒත් Author හොර Spammer කෙනෙක් නම් අලම තමා!
අපි හුගක් වෙලාවට ඔය ගැන හිතන්නේ නැනේ…දැන්වත් ඔය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ…