නිවස > safty, ජීවිතය > facebook වල සියලු දේ දැමිය යුතු නොවන්නේ ඇයි. | බ්‍රිතාන්‍යයයෙන් පාඩමක්…!!!

facebook වල සියලු දේ දැමිය යුතු නොවන්නේ ඇයි. | බ්‍රිතාන්‍යයයෙන් පාඩමක්…!!!


මෙම ලිපිය කියවීමට පෙර කරුණාකර änthräX සොයුරා විසින් ලියන ලද ” බෙදාගන්නේ ඈත්තටම බෙදාගන්නට උවමනා දේවල් ද? ” ලිපිය කියවන්න.

ඕං අද රැ වෙනකම්ම පොතක් කියවල නිදාගන්න හදද්දි ආයේ පොඩ්ඩක් නෙට් එක දාලා බැලුවා (මදුරුදැල නෙමේ හරිද? ) එතකොට තමා Mashable වල තිබ්බ නිව්ස් එකක් දැක්කේ. ඕං ඉතින ඊට පස්සෙ නින්ද පැත්තක තියල මේක ගැන ලියන්න පටන්ගත්තා මොකද සිද්ධිය ටිකක් මට මේ දවස් වල interest තියන දේ වලට සම්බන්ධ නිසා. නිව්ස් එක මොකක්ද දන්නවද?

බ්‍රිතාන්‍ය විදේශ ඔත්තු සේවාව වන MI6 හි මීලඟ ප්‍රධානියාගේ (John Sawers) පෞද්ගලික තොරතුරු facebook මගින් හෙලිවී ඇති බව.

ලස්සනම වැඩේ තමා මේ තොරතුරු හෙලිවී ඇත්තේ ඔහුගෙ බිරිඳ Shelley Sawers ගේ facebook account එකෙන් වීම.( ඔං ලින්ක් එකත් දැම්මා ඔනේ කෙනෙක් ගිහින් හම්බුවෙන්නකො එයාව.- ලින්ක් එක fake account එකක වගේ වෙනස් id වලින් ලින්ක් දෙකක් තියනවා) දැනට තියන තොරතුරු අනුව ගේ පවුලේ තොරතුරු මෙන්ම ඔහුගේ ලන්ඩනයේ නිවසේ තොරතුරුත් මෙසේ හෙලිවී තිබෙනවා. වෙලා තියෙන්නේ මේ තොරතුරු තියෙද්දිත් ඇය facebook  එකේ privacy settings activate  කර නොතිබීම. ඒ නිසා   London network එකේ ඉන්න ඔනේ කෙනෙකුට මේවා බලාගන්න පුලුවන් වෙලා. facebook ඉතින් එකේ තමුන් ඉපදුනු දා ඉඳන් තොරතුරු දාන කට්ටියට මේක හොඳ පාඩමක්. දැන් වත් privacy settings activate කරන්න.

කට්ටිය එහෙනම් මේ ලින්ක් ටිකත් බලමු නේද ?  හොඳ photo ටිකක් තියෙන්නේ. :D

References :

ප. ලි : änthräX ට ලිපිය ගැන අදහස ආවේ මේ ප්‍රවෘත්තිය නිසාද දන්නේ නැ (ඔහුත් UK වල ඉන්න බව දැන ගන්න ලැබුනා ) එසේ නම් ඔහුගේ post එක අතරමැදට පැනීම ගැන සමාව ඉල්ලනවා.

මීට අමතරව හා සම්බන්ධ තවත් ලිපියක් වන ” facebook group වල නම් වෙනස් කිරීම.” කියවන්න

  1. 2009 ජූලි 6 දින පෙ.ව. 3:08 ට | #1

    නෑ නෑ එහෙම් අවුලක් නෑ. තෑන්කූ free add එකට. ;) අනික ඔයා කිව්වමයි news එක දන්නෙ. අනේ මන්දා මේ රටේ උන්ට මොනා වෙලාද කියලා. දෑන් මාස දෙකකට විතර කලින් පොලිස්පතියා most wanted එකෙක් ගෙ profile එකක් එලිපිට තියන් ඈවිදලා පෑපරාසි photo අරන් තිබ්බා. මාස අටකට කලින් හමුදාවෙ ලොක්කෙක් laptop එක පිටින් නෑති කරගත්තා, අවුරුද්දකට විතර කලින් 60,000ක් දෙනාගෙ මුලු පට්ටන්දරේම තියන cd එකක් නෑතිකරගත්තා (home office). එ අතින් අපේ ලොක්කො මරු බන්. මාටිය ගහන් සත පහක් නෑති කරගන්නවද? ;) )

  2. 2009 ජූලි 6 දින පෙ.ව. 6:30 ට | #2

    Anthraxට දාපු ක්මේන්ට් ඒකම දාන්නයි වෙන්නේ මෙතන!
    “ඇත්ත කතාව කටේ මසුරං දාන්න ඕනේ! ඒත් ඕකේ දෙපැත්තක් තියෙනවා හොඳ නරක දෙකටම උරුම වෙච්චි! මට මේ වෙස් පොත හින්දා හොඳ යාලුවෝ සෙටි වුණා වගේම ඒ අයව හම්බ වුණාත් එක්ක. හැබැයි ඉස්සර දාලා තිබ්බට ( මුල් කාලේ) දැන් පෞද්ගලික විස්තර නම් නෑ Interesting හා පොඩි පොඩි එව්වා හැරෙන්න. ඒකයි Settings හදාගෙනයි තියේ නම් ඇති! ( කෝකත් සුද්ධ කරන්න ඕනේ අනවශ්‍ය අය). අනික වෙස් පොතේ තුන්වන පාර්ශ්විය මාදුකෘශ හින්දා අපි ඒක තැනක දාන එව්වාත් ලෝක ව‍ටේ යනවා නෙව. ඔය පොත් කෙරුවාව හින්දා ජොබ නැති වෙච්චි, දික් කසාද වෙච්චි, වීයෝ වෙච්චි කොච්චරක් ඇතිද?”

    කොහොමත් මම දන්න විදිහට පිටරට වල ( මම ඉන්න කැනඩාවත් එක්ක) හමුදාවේ ඉන්න අයට වෙස් පොත් ගිණුම් තියෙන්න බෑලු! ඒවායේ නිලය හා සිටිනා තැන තියෙන්නත් බැරි කෙරුවාවක් තියෙනවාලු, මන්දා ඇත්තද කියලා. කෝකත් මං දන්න විදිහට ඒ රටවල බුද්ධි අංශ වලට වෙස් පොතට රිගන්න පුලුවන් සිද්ධියක් තියේලු!

  3. 2009 ජූලි 6 දින පෙ.ව. 6:51 ට | #3

    Shelley Sawers — nice chick! :D

    • 2009 ජූලි 6 දින පෙ.ව. 6:54 ට | #4

      හෝව්..! වැරදුණා… එයා නෙමෙයි නයිස් කිව්වේ අර බළල් ගෙඩියෙක් අතේ තියාගෙන ඉන්න කෙනා…. :S

  4. 2009 ජූලි 6 දින පෙ.ව. 7:11 ට | #5

    @ änthräX මේකනේ මචො මෙහේ එවුන්ට එක්කො මාටිය ගහල එච්චරටම busy නැත්නම් මුන් මූණුපොත ගැන දන්නෙනෑ. :D හැබැයි මේකට ආපු දාට නම් හොඳ හොඳ සෙල්ලම් බලන්න පුලුවන්. :D

    @-බිன்ku- ඔක නම් ඇත්ත මචෝ මම කියන්නෙත් facebook එකට බයේ ඉන්න කියල නෙම්. නමුත් හරියට වැඩ කරල ආරක්ෂා වෙන එක කාටත් හොඳයි. ඇත්තටම කට්ටිය දැන් මේ ගැන දැනුවත් බොහොදුරට. ඒත් fake profile හඳන එක වගේ ඒවා නැවතිලා නැ. ඒ ගැන ටිකක් පරිස්සම් වෙන්න.

    • 2009 ජූලි 6 දින පෙ.ව. 10:15 ට | #6

      විමල්ටයි අජිත්ටයි නම් තියෙනවා Profiles!

  5. 2009 ජූලි 6 දින පෙ.ව. 10:58 ට | #7

    ඔය දන්නෙ නැති අයව ඇඩ් කරගන්නෙ බලාගෙන..

  6. 2009 ජූලි 6 දින පෙ.ව. 11:16 ට | #8

    මාත් දන්නේ නැති අයව ඇඩ් කරන්නේ නෑ. අඳුරන්නේ නැති අයට ෆොටෝ එක වත් බලන්න බැරි වෙන්න හදල තියෙන්නේ. ඒත් අපේ අය දන්නේ නැති අයව ප්‍රොෆයිල් අස්සේ දාගත්තම අපි ප්‍රයිවසි සෙටින්ග්ස් හදන එකේ වැඩකුත් නෑ නේද?

    • 2009 ජූලි 6 දින පෙ.ව. 11:21 ට | #9

      දන්නෙ නැති අයව වෙනම friend list වලට දාන්න

  7. 2009 ජූලි 6 දින පෙ.ව. 11:36 ට | #10

    මම ආපු Request වලින් ignore කරපු අය මගෙ News Feed එකේ ඉන්නවනෙ. උන්ටත් මාව එහෙම්මම පේනවද දන්නෙ නෑ…

    මට තනි අවුල… :(

    • 2009 ජූලි 6 දින ප.ව. 12:02 ට | #11

      මෙතනට ගිහින් Why can I see News Feed stories about someone who has yet to accept my friend request? බලන්න. කවුරු හරි News Feed යාලුවන්ට විතරක් සීමා කරල තියනව නම් ඒවා යාලුවන්ට හැර අනික් අයට පේන්නෙනැ.

  8. randeera
    2009 ජූලි 6 දින ප.ව. 2:30 ට | #12

    වැඩේ බ‍රපතලයි වගේ නේද?

  9. 2009 ජූලි 6 දින ප.ව. 10:44 ට | #13

    අපි මේ හිතන තරම් ආරක්ෂාව කොතැනකවත් නැ… අන්තර්ජාලයටත් ඒක පොදුයි.. ලංකාවේ අයත් privacy ගැන මීට වඩා හිතන එක නුවණට හුරුයි කියලයි මම නම් හිතන්නේ….

  10. 2009 ජූලි 7 දින ප.ව. 5:03 ට | #14

    ගොඩක් අය online account කෙළව ගන්න තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි security question 1ට උත්තරය හිතා ගන්න ලේසි ප්‍රශනයක් දාන එක. Maccaineගෙ vice president candidate Sarah Palin ගෙ yahoo account එක hack කරෙත් ඒ විදියට .

  1. No trackbacks yet.