facebook group වල නම් වෙනස් කිරීම.
අද හවස මට ලැබුනු email කීපයක තිබුනේ Dialog GSM “Day Light Robbers කියන facebook group එකේ admin විසින් ඒකේ නම :: START EARN With BUX sits :: Paid To Click :: ලෙස වෙනස් කර ඇති බව. පස්සෙ ආපු email එකක තිබුනේ group එකේ නම ::: DIALOG now MADE ib China ::: That mean it become Useless ::: ලෙස වෙනස් කරපු බව ගිහින් බලද්දි නම ආයෙ වෙනස් වෙන්න හේතුව පෙනුනා ඉන්ද්‍රනාම අයියා එක post එකයි දාලා තිබුනේ
.
ඇත්තටම මේ වගේ සිද්ධි කීපයක් මිට කලිනුත් මට වුනා. මම නම් හිතන්නෙ මේක හරිම අසාධාරන දෙයක්. අපි group එකකට එකතු වෙන්නේ එකෙ අරමුණ බලලා ඒ නිසා admin ට අයිතියක් නෑ group එකේ නමයි එකේ අරමුණයි හිතුනු හිතුනු වෙලාවට වෙනස් කරන්න.
අපි හිතමු අපි බොහොම අහිංසක එකක් කියල බැදුනු group එකක් හිටි හැටියෙම සදාචාර විරොධි වැඩ කරන එකක් වුනොත්. බොහොවිට අපි මේක දැනගෙන නොසිටින්නත් ඉඩ තියනවා. මොකද ගොඩක් වෙලාවට අපි facebook එකෙන් එන email බලන්නෙ නැතිවම delete කරන නිසා.( නැත්නම් mail සීමා කරන නිසා.) ඒ නිසා මම නම් කියන්නෙ අපිට request එන පලියටම group වලට සම්බන්ධ වෙන්න එපා. බලන්න ඔය group එක මුලින් හැදුනේ ඒ දවස් වල (දැනටත්
) ලොකු ප්‍රශ්නයක් වුනු දෙයක් වෙනුවෙන්. අනිත් එක ඒකේ members ලා 1800 ගානක් ඉන්නවා. ඉතින් මේවගේ group වලිනුත් මෙහෙම වෙනවා නම් අනික් පොඩි එවා ගැන කවර කථාද? අනිත එක නම වෙනස් කරලා තිබුනේ තනිකරම පුද්ගලික ලාභයක් වෙනුවෙනුයි.
මම නම් කියන්නේ admin ට group එකේ නම හා description වෙනස් කරන්න තියන අයිතිය සීමාසහිත කරන්න ඕනේ.






ඔය ගෲප් එක පටන් ගත්ත කාලෙ මමත් වෝල් පෝස්ට් කීපයක් දැම්මා ඩයලොග් එකේ වංචා ගැන. (ඒ පෝස්ට් ඔක්කොම මකා දමලා බව අදයි දැක්කේ) දවල් මට නෝටිෆිකේෂන් එකක් ආවා මේකෙ නම වෙනස් කරලා කියලා. අනික ඔය bux කියන්නෙ තනිකර බොරුවක්. ඒකයි මම ගෲප් එකේ ආපහු ලිව්වේ සාමාජිකයන්ට වංචා කරන්න එපා කියලා.
ඉස්සර නං ෆේස්බුක් එක ඉඩදුන්නේ නෑ ගෲප් වල නම් වෙනස් කරන්න. අපි ලොකු අමාරුවක වැටුනා කැම්පස් එකේ නිල ගෲප් එකක නමේ පොඩි වෙනසක් කරගන්න බැරුව. දැන් මොකක් නිසා ඒකට ඉඩ දෙනවද මංදා.
ඔව් කට්ටිය එක එක ලස්සන නම් දාලා group හදනවා පස්සේ නම වෙනස් කරනවා. නැත්නම් sapam කරනවා. බලනකොට message එක එවල තියෙන්නෙත් admin නෙම්. අපෙත් යාලුවෙක් group එකක් හදලා එකේ නම් වෙනස් කරන්න බැරුව delete කරා. අඩුම ගානේ නම් වෙනස් කරලා සතියක් වත් දෙනවා නම් ඒක activate වෙන්න වැඩේ ටිකක් හරි සාධාරනයි.
apoi..uba kiwwamai dakke..maha chaa siddiyakne…anthimata mekath ara hi5 wage wei mehema giyoth..
ඔය එකේ group eke ඉන්න කෙනා මටත් spam mail එකක් එවල තිබුන එයාගෙ phone number එකත් එක්ක. මම call එකක් දීල හොදට ලුණු ඇඹුල් ඇතුව කිව්ව….
ඊට පස්සෙ මොන mail එකක් වත් නැහැ….
මම නම් FB group වලට සම්බන්ධ වෙන්නෙ නෑ. ඇත්තටම ගත යුත්තක් තියෙන්නෙ සෙවයක් වෙන්නෙ ඔය group වලින් කීපයක පමණයි. අනිත් ඒවයෙ වෙන්නෙ නිකම් ෂෝ එකට ස්පෑම් මේල් යවන එක විතරයි.
දිරිය ලංකා එකේ එහෙම නෑ නේද? :-S
අපෝ ඒ අනිත් ස්පෑම් ගෲප් එක !
ඔං ඔයා අනිත් අයට spam කියල ඔයාගේ comment තමා spam විධියට mark වෙලා තියෙන්නේ
මටත් හිතාගන්න බැ මොනාද උනේ කියල
මල කෙලියයි. ඒ මොකද ඒ? මුල් කමෙන්ට් එක අවුලක් ගියේ නෑ නේ.
අපෝ ඒ අනිත් ස්පෑම් ගෲප් එක !
අනේ මන්දා මටත් හිතාගන්න බැ හැබැයි ඔයා එකම කමෙන්ට් එක 2 පාරක් දාලා. එච්චර පොඩි දේකට spam markවෙන්න බැනේ