නිකම් ඉඳලා PR 4 ක් ලැබීම

2009 නොවැම්බර් 1 අකිල 3 comments

ගූගල් Page Rank යාවත්කාලීන කරපු බව පහන් ගෙන් දැනගන්න ලැබුනා, ට්විටරය හරහා. ඉන්දරෙත් PR 4 ක් ලැබුනු බව ට්වීට් කරලා තිබ්බා. මමත් ඉතින් නිකමට වගේ බ්ලොග් එක පැත්තේ ගියා. මාසයක් විතර ඉඳන් පැත්ත පළාතේ වත් ගිහින් තිබුනේ නෑ. බලද්දි මට 4ක් ලැබිලා. මේක නම් වෙන්න ම බැරි දෙයක් 8-O . මොකද මම මාස ගාණකින් අලුත් දෙයක් ලියල තිබ්බේ නෑ trend වෙන මාතෘකාවක් තියා හායි බායි කියලවත්. බලාගෙන යනකොට මම ලියපු ලිපි වලට පවා ලැබිලා 3ක් 2ක් වශයෙන් 8-) . ඉතින් මම අපේ අනික් සහෝදර බ්ලොග් කරුවන් ගේ අඩවි වලටත් ගිහින් බැලුවා. ඒවගේ පවා හොඳටම ප්‍රතිචාර තිබුනු ලිපි වලට වත් මෙතරම් PR ලැබී තිබුනේ නෑ. වෙන එකක් තියා සින්ඩියෙත් PR එක 4යි.

මට හිතෙන්නේ මම ලියපු ලිපිවල වෙන ප්‍රමානය වැඩි නිසා මෙහෙම වෙන්න ඇති. ඊට අමතරව මම බ්ලොග් ලියපු මුල් කාලේ කලා ඒකත් බලපෑව වෙන්න ඇති. මොනවා වුනත් Google Page Rank එකේ ලොකු අවුලක් තියනවා වගේ :D .

මොනවා වුනත් මේකෙන් එක හොඳක් වුනා, ආයෙත් බ්ලොග් ලියන්න පටන් ගන්න පොඩි කික් එකක් ආවා :D . මම හෙට ඉඳලම වැඩේට බහින්නයි හිතන් ඉන්නේ. එහෙනම් අලුත් ලිපියකින් අපි හමුවෙමු.  :)

( තව දෙයක් කියන ඕනේ වැඩි කරගන්නේ කොහොමද කියල නම් මගෙන් අහන්න එපා. මම ඒක නම් දන්නේ නැතෝ. :lol: )

Categories: internet ටැග:, ,

facebook + gmail වල කොස්සක්…

2009 ජූලි 6 අකිල 7 comments

ලිපිය සංස්කරණය කරන අතරතුරදී facebook වල තවත්  වැදගත් privacy අවුලක් දුටු නිසා එය මුලින් ඇතුල් කරමි.

ඊයේ ඔත්තුසේවා නිලධාරියට වුනු වැඩේ දැකල අවශ්‍ය කට්ටිය privacy settings හදන්න ඇති කියල හිතෙනවා. එහෙම කරද්දි ඔයාලා  Privacy –> Applications වලට ගියාද? පහත photo එකේ තියන දේ බලන්න, ඒකේ හැටියට අපේ යාලුවෙක් application එකකට ඔවුන්ගේ තොරතුරු බලන්න අවසර දුන්නම ඒ application ට පුලුවන් අපි ගැන ඔවුන්ට බලන්න පුලුවන් තොරතුරු වලට access කරන්න. මෙම settings අදාල වන්නේ අපි පාවිච්චි නොකරන applications සඳහාය.( ඒ කියන්නේ තත්වේ හිතුවට වඩා දරුණු බවද?? )

Applications and Privacy

Applications and Privacy

දැන් මේ photo එක බලන්න මුලින් පෙන්නපු පිටුවෙ Learn more click කරාම තමා මේ pop-up එක එන්නේ. ඔකේ විධියට application එකකට පුලුවන් අපේ තොරතුරු අනවශ්‍ය කෙනෙකුටත් පෙන්වන්න privacy policies වලට විරුද්ධ වුනත්.

Applications and Privacy

Applications and Privacy

ඒ නිසා application වලට සංවේදී තොරතුරු වලට access කරන්න බැරි වෙන ලෙස සකස් කරන්න. Photo share කරන application දා ගන්න එපා.

SpeedDate

SpeedDate

මේ තමා වල අනිත් කොස්ස SpeedDate. අපි බල්ලො පූසො කුකුල්ලු යවන්න දාගන්න application ටික කාලෙකින් මේ SpeedDate බවට පරිනාමය වෙනවා. ඊට පස්සේ කෙලකෝටිය notifications එවනවා කෙල්ලන්ගේ. Net එකේ date කරන එක ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ඒ ඔනේ නැති date ඔනේ නෑ නේ. තව වෙන මොනව වෙනවද දන්නේ නෑනේ ඒ නිසා මේ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න.

මුල් ලිපිය

මේ වැඩේ මට සිද්ධ වුනේ වැරදියට email address එක type  කරලා site  එකක register වෙද්දි. මගේ තවත් email account එකක් තියනවා. ඔකෙ තියෙන්නේ akila516@gmail.com කියල. ඒත් මම වැරදිලා akila.516@gmail.com කියලා type කරලා. මම හිතුවා mail එක යන එකක් නැ කියලා. මෙන්න බොලේ ටික වෙලාවකින් phone එකට MMS එකක් ආවා. බලනකොට අර mail එක. දැන් මටත් ඉවසිල්ලක් නැ වුනේ මොකක් ද කියලා බලන්න. බලද්දි තමා දැක්කේ වැරදිලා register කරපු email address එකෙනුත් මට email එනවා කියලා ඒ විතරක්යැ ඒ log in එකෙන් gmail එකට log වෙන්නත් පුලුවන් නේ.

මේ එක photo බලන්නකෝ වැරදිලා කරලා මට ආපු එකේ screen-shot එකක් ඒක. ඒකේ පැහැදිලිවම පේනවා ඇති වෙනස් mail address දෙකක්.

ඇඩ්‍රස් නැති mail එක...

ඇඩ්‍රස් නැති mail එක...

දැන් මේක බලන්න ඔය මම වැරදි log-in එකෙන් gmail වලට log වෙද්දි ගත්ත screen capture එකක්.

ඇත්තටම මේක gmail වල තිබුණු bug එකක්. දැන් විසදලා තියෙන්නේ. මොකද දැන් අපිට අපේ log in එකට ” . ” එකතු කරලා හදාගන්න log in එකකින් gmail වල register වෙන්න බෑ. මේ video එක බලන්න.

නමුත් ඉස්සර පුලුවන්. ඒ වුනත් mail යන්නේ  මට වුනා වගේ වැරදි account එකට. උදාහරණයක් විධියට akila.516 එකේ mail යන්නේ akila516 account එකට. ඒකට පිලියමක් විධියට තමා gmail වල ඔය මම මුලින් කිව්ව වැඩේ කරලා තියෙන්නේ. ඒ ගැන විස්තර මෙතන ඇති. ඔකේ විධියට නම් ඉස්සර කියන ආකාර දෙකේ account gmail වලින් suggest කරලත් තියනවා. කොහොමද වැඩේ. :D

නමුත් ඇත්තම කොස්ස ඔතන නෙමේ. කොහොමත් ” . ” ඇතුව හරි නැතුව හරි හරි කෙනාට mail යනව නම් ප්‍රශ්නයක් නෑනේ.

මෙන්න මේ එක video බලන්නකෝ

ඔකේ හැටියට facebook එකේ ඔය address දෙකෙන්ම account හදන්න පුලුවන් ( මොනවා වුනත් mail යන්නේ එකම address එකට.) ප්‍රශ්නේ ඔතන නෙමේ fake accounts හදන අයට ඔක පාවිච්චි කරන්න පුලුවන්. මොකද facebook වල අපිට account එකක් අඳුරගන්න තිබුනු එකම unique දේ mail address හා ID( කාටවත් මතක තියාගන්න නම් බෑ ) එකනේ ( user-name දෙනකම්) ඒත් ඕක නිසා ඒකත් නැති වෙනවා. ” . ” එක සාමාන්‍යයෙන් අපි වැඩියෙන් ගණන් ගන්නේ නෑනේ. ඉතින් fake account එකක් ද කියලා හරියටම අඳුරගන්න ටිකක් අමාරුයි. ඉතින් අදාල කෙනා වැඩිය internet යන්නේ නැති කෙනෙක් නම් සති ගානක් වුනත් fake account එක තියෙන්න පුලුවන්.

ඒත් දැන් facebook වල user-name පහසුකම දෙන නිසා මේක තවදුරටත් අදාල නෑ. ඒ නිසා user-name එක හදාගෙන නැත්නම් දැන්ම හදාගන්න. අනික් අයටත් මේ ගැන කියන්න.

ඒත් අනික් social network වල තත්වෙ මම දන්නෙ නෑ එවා ගැන බැලුවොත් මෙතන comment එකක් දාන්න.

facebook වල සියලු දේ දැමිය යුතු නොවන්නේ ඇයි. | බ්‍රිතාන්‍යයයෙන් පාඩමක්…!!!

2009 ජූලි 6 අකිල 14 comments

මෙම ලිපිය කියවීමට පෙර කරුණාකර änthräX සොයුරා විසින් ලියන ලද ” බෙදාගන්නේ ඈත්තටම බෙදාගන්නට උවමනා දේවල් ද? ” ලිපිය කියවන්න.

ඕං අද රැ වෙනකම්ම පොතක් කියවල නිදාගන්න හදද්දි ආයේ පොඩ්ඩක් නෙට් එක දාලා බැලුවා (මදුරුදැල නෙමේ හරිද? ) එතකොට තමා Mashable වල තිබ්බ නිව්ස් එකක් දැක්කේ. ඕං ඉතින ඊට පස්සෙ නින්ද පැත්තක තියල මේක ගැන ලියන්න පටන්ගත්තා මොකද සිද්ධිය ටිකක් මට මේ දවස් වල interest තියන දේ වලට සම්බන්ධ නිසා. නිව්ස් එක මොකක්ද දන්නවද?

බ්‍රිතාන්‍ය විදේශ ඔත්තු සේවාව වන MI6 හි මීලඟ ප්‍රධානියාගේ (John Sawers) පෞද්ගලික තොරතුරු facebook මගින් හෙලිවී ඇති බව.

ලස්සනම වැඩේ තමා මේ තොරතුරු හෙලිවී ඇත්තේ ඔහුගෙ බිරිඳ Shelley Sawers ගේ facebook account එකෙන් වීම.( ඔං ලින්ක් එකත් දැම්මා ඔනේ කෙනෙක් ගිහින් හම්බුවෙන්නකො එයාව.- ලින්ක් එක fake account එකක වගේ වෙනස් id වලින් ලින්ක් දෙකක් තියනවා) දැනට තියන තොරතුරු අනුව ගේ පවුලේ තොරතුරු මෙන්ම ඔහුගේ ලන්ඩනයේ නිවසේ තොරතුරුත් මෙසේ හෙලිවී තිබෙනවා. වෙලා තියෙන්නේ මේ තොරතුරු තියෙද්දිත් ඇය facebook  එකේ privacy settings activate  කර නොතිබීම. ඒ නිසා   London network එකේ ඉන්න ඔනේ කෙනෙකුට මේවා බලාගන්න පුලුවන් වෙලා. facebook ඉතින් එකේ තමුන් ඉපදුනු දා ඉඳන් තොරතුරු දාන කට්ටියට මේක හොඳ පාඩමක්. දැන් වත් privacy settings activate කරන්න.

කට්ටිය එහෙනම් මේ ලින්ක් ටිකත් බලමු නේද ?  හොඳ photo ටිකක් තියෙන්නේ. :D

References :

ප. ලි : änthräX ට ලිපිය ගැන අදහස ආවේ මේ ප්‍රවෘත්තිය නිසාද දන්නේ නැ (ඔහුත් UK වල ඉන්න බව දැන ගන්න ලැබුනා ) එසේ නම් ඔහුගේ post එක අතරමැදට පැනීම ගැන සමාව ඉල්ලනවා.

මීට අමතරව හා සම්බන්ධ තවත් ලිපියක් වන ” facebook group වල නම් වෙනස් කිරීම.” කියවන්න

නරියාගේ ඇඩෝන ප්‍රශ්නයට සරල පිලිතුරක්…!!! -2 ගූගල්ගේ ගණන් නොබලා නරියට ගියර් දාමු

2009 ජූලි 4 අකිල 4 comments

ඔව් නරියට ගියර් තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙමේ…

නමුත් මෙය google වල එකක් නෙමේ. Geza Kovacs ගේ නිපැයුමක්. බාගන්න නම් මෙතෙන්ට යන්න. මීට අමතරව තවත් අය Gears වලට හදපු patches ඔතනින් ගන්න පුලුවන් (සියලුම OS වලට). දැන් කොහොමඳ ඇත්තටම ගියර් වැඩද බලන්නෙ මගදි ගියර් හිරවුනොත්???? :D මෙන්න මෙතන්ට ගියාම එක කරන හැටි දැනගන්න පුලුවන්. එකේ තියන මුල් ක්‍රමයෙන් : http://gears.google.com/ වලට ගිහින් install වෙලාද බැලීම මගින්, මම ගියර් දැම්මද කියල බැලුවා. වැඩේ ගොඩ.

පහල බලන්නකො…

ගියර් දාන්න කලින්

ගියර් දාන්න කලින්...

ගියර් දැම්මට පස්සේ...

ගියර් දැම්මට පස්සේ...

සමාවෙන්න අලුත් එකක් විධියට දැම්මේ කට්ටියගෙ අවධානය අඩු වෙයි කියල.

හැබැයි ඔං අවුල් උනොත් නම් මම නෑ හරිද :D

ඒ වගේම මේ post එක ගියර් නැතුව අඬපු  -බිன்ku- මලය වෙනුවෙන් dedicate කරනවා. :)

facebook group වල නම් වෙනස් කිරීම.

2009 ජූලි 4 අකිල 11 comments

අද හවස මට ලැබුනු email කීපයක තිබුනේ Dialog GSM “Day Light Robbers කියන facebook group එකේ admin විසින් ඒකේ නම :: START EARN With BUX sits :: Paid To Click :: ලෙස වෙනස් කර ඇති බව. පස්සෙ ආපු email එකක තිබුනේ group එකේ නම ::: DIALOG now MADE ib China ::: That mean it become Useless ::: ලෙස වෙනස් කරපු බව  ගිහින් බලද්දි නම ආයෙ වෙනස් වෙන්න හේතුව පෙනුනා ඉන්ද්‍රනාම අයියා එක post එකයි දාලා තිබුනේ :D .

ඇත්තටම මේ වගේ සිද්ධි කීපයක් මිට කලිනුත් මට වුනා. මම නම් හිතන්නෙ මේක හරිම අසාධාරන දෙයක්. අපි group එකකට එකතු වෙන්නේ එකෙ අරමුණ බලලා ඒ නිසා admin ට අයිතියක් නෑ group එකේ නමයි එකේ අරමුණයි හිතුනු හිතුනු වෙලාවට වෙනස් කරන්න.

අපි හිතමු අපි බොහොම අහිංසක එකක් කියල බැදුනු group එකක් හිටි හැටියෙම සදාචාර විරොධි වැඩ කරන එකක් වුනොත්. බොහොවිට අපි මේක දැනගෙන නොසිටින්නත් ඉඩ තියනවා. මොකද ගොඩක් වෙලාවට අපි facebook එකෙන් එන email බලන්නෙ නැතිවම delete කරන නිසා.( නැත්නම් mail සීමා කරන නිසා.) ඒ නිසා මම නම් කියන්නෙ අපිට request එන පලියටම group වලට සම්බන්ධ වෙන්න එපා. බලන්න ඔය group එක මුලින් හැදුනේ ඒ දවස් වල (දැනටත් :D ) ලොකු ප්‍රශ්නයක් වුනු දෙයක් වෙනුවෙන්. අනිත් එක ඒකේ members ලා 1800 ගානක් ඉන්නවා. ඉතින් මේවගේ group වලිනුත් මෙහෙම වෙනවා නම් අනික් පොඩි එවා ගැන කවර කථාද? අනිත එක නම වෙනස් කරලා තිබුනේ තනිකරම පුද්ගලික ලාභයක් වෙනුවෙනුයි.

මම නම් කියන්නේ admin ට group එකේ නම හා description වෙනස් කරන්න තියන අයිතිය සීමාසහිත කරන්න ඕනේ.